හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වැනිදාත් ඔහුගේ සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 22 වැනිදාත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා ඇතැයි රජයේ ආරංචි කියයි.
නොවැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබියදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා මහ ලේකම් තිස්ස අත්තනායකට සෞඛ්‍ය ඇමැති ලෙස පත්කිරීම ඡන්ද අල්ලසක් බව නීතිවේදීහු කියති.
ගාලු වරායේ පාවෙන අවි නැවේද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේද තිබී සොයාගත් අවි සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපතිගේ සම්බන්ධය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මේ අතර බැසිල් රාජපක්ෂ ලබන 21 වැනිදා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. අධිකරණ නියෝගයක් අනුව ඔහු පැමිණි ගමන් රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට නියමිතය.
හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග විදුලි සංදේශ නියාමන කොමිසමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ලබන 21 වැනිදා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් දීමටද නියමිතය.
ලබන සතිය වන විට ගිය රජයේ ප්‍රබලයන් 7 දෙනකු පමණ ප්‍රශ්න කිරීමට හෝ අත් අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ආරංචි කියයි.

