හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් ස්මයිල් අහමඩ් එරාවූර් මාර්තු 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) නියෝග කළේය.

පසුගිය රජය සමයේ පාවිච්චි කරමින් සිටි ආපසු බාර නොදුන් ජීප් රථය සමග එරාවුර් හිදී ඔහු රහස් පොලිසියේ අත් අඩංගුවට පත්විය.

පොදු දේපළ පනත යටතේ රාජ්‍ය දේපළ පෞද්ගලික පරිහණයට යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත.