හිටපු ජනපති ආරක්ෂක ප්‍රධානියාට එරෙහි නඩු විභාගයට


(ෂෙහාන් චාමික සිල්වා)

හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චිට එරෙහිව 2010 සිට 2014 දක්වා වත්කම් හා බැරකම් හෙළි නොකිරිම යටතේ අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩු පහ විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
ඒ අනුව එම නඩු විභාගය අගෝස්තු 2 වැනි දා සිට ආරම්භ කිරිමට නියමිතය.