(නිමන්ති රණසිංහ)
හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බාල මානගේ දයාවංශ මහතාට ලබන අගෝස්තු 21 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති සංවර්ධන සැලසුම් සම්බන්ධීකාර නිලධාරි තනතුරට පෞද්ගලික ලේකම් පත් කිරිමට අධිකාරි අධ්‍යක්ෂක මණ්ඩලය පෙළඹවීම මත අල්ලස් පනත යටතේ දුෂණය නම් වරද චුදිතයා සිදු කර ඇති චෝදනාවට මෙලෙස නොතිසී නිකුත් කැරිණි.

