හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරියවූ රංජනී ජයකොඩි රාජ්‍ය මුදල් රෙගුලාසි කඩකරමින් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට රුපියල් ලක්ෂ 24ක් දුන්නැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ අරඹා ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
ක්‍රීඩා අමාත්‍යංශය සතු එම මුදල් අයථා පරිහරණය කළැයිද ක්‍රීඩකයන් එතෙර යාමේදීත් 2012 නාවලපිටිය බක්මහ උළෙල විකාශනයේදීත් අබලන් වාහන අලුත්වැඩියාවේදීත් අක්‍රමිකතා හා අකටයුතුකම් සිදුකළ බවට තොරතුරු ඇතැයිද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

