මැදිරිගිරිය දිවුලංකඩවල විහාරගම නිධානයක් හාරමින් සිටි බව කියන හිමි නමක හා හිටපු සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු 15 දෙනකු අද අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරු පොලිසිය කියයි.
සැකකරුවන් මට්ටක්කුලිය, මහරගම, කඩුවෙල, පොල්ගස්ඕවිට, හෝකන්දර, ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, යාන්ත්‍රික ගල් විදිනයක්, උදලු, අලවංගු, පූජා භාණ්ඩ, පුස්කොල පොතක් හා වෑන් රියක් ද සොයා ගත් බවත් පොලිසිය කියයි.