මැදිරිගිරිය දිවුලන්කඩවල විහාරගොඩ නිධන් හෑරීමට ගිය බව කියන හිටපු සහකාර පොලිස් අධිකාරී සහ හිමිනම ඇතුළු 15 දෙනෙක් හිඟුරග්ගොඩ මහේස්ත්‍රාත් හේමමාලී හේවගේ මහත්මිය විසින් ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
හිටපු සහකාර පොලිස් අධිකාරී පොල්ගස්ඕවිට පදිංචි වත්තලගේ දොන් හැම්ලට් වත්තලගේ, කොළඹ බ්ලුමැන්ඩල්හි ශ්‍රී බෝධි මළු විහාරයේ පොහොරවැවේ ජිනානන්ද මේ පිරිස අතර වෙති.