(නිමන්ති රණසිංහ)
හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශට එරෙහිව අල්ලස් කොමිසම අද(9) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
එසේ අල්ලස් කොමිසම අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ නඩු පවරනු ලැබුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරී තනතුරට සිය පෞද්ගලික ලේකම්වරයා පත් කිරීමට අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පොළඹවා අල්ලස නමැති වරද කළැයි යන චෝදනාව යටතේය.

