ඉන්දිකා රාමනායක
ගම්පහ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවි වලට අඩවි වලට මුදා හැර බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3 ට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබා ගත්තේය.
කොළඹ අපරාධ කොට්ඨාසය පෙනී සිටින ලෙසට කර තිබු දැනුම් දීමට අනුව හරීන් ප්‍රනාන්දු මහතා අද (28) පෙරවරු 10.00 ට පමණ එහි පැමිණ සිටි අතර ප‍්‍රකාශ ලබා දීමෙන් පසු පස්වරු 1.00 ට පමණ පිටව ගියේය.

