හිටපු ඇමති පුතා බිරිය සමග පොලිසියට තගක් දමයි


(ඉන්දිකා රාමනායක)

දක්ෂිණ  අධිවේගී මාර්ගයේ  බෙලිඅත්ත   බැදිගම  පිවිසුමේ දී  හිටපු අමාත්‍යවරයකුගේ පුතකු  සහ ඔහුගේ බිරිඳ   පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක්  සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙයි.

මෙම   තරුණයා  ඊයේ (1) පස්වරුවේ වාහනයකින්  අවදානම් සහගත ලෙස  ශීත කරණයක් අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යාමට උත්සහ කිරීමේ නිසා පොලිස්  කොස්තාපල්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර  පරීක්ෂා කිරීම සදහා මෝටර් රථය පිටුපස ගන්නා ලෙසට කළ දැනුම් දීමට උරණව ඇමැති පුතා  සහ ඔහුගේ බිරිද පොලිස් කොමස්තාපල්වරයාට  පරුෂ වචනයෙන් බැන වැදි තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා බෙලිඅත්ත පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

මෙම සිදිධියට මුල් වු  තරුණයා සමගිජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි  මහතාගේ පුතා බවද  පොලිසිය පවසයි.