( රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර රජය මැතිවරණ කල් දැමීමෙන් රටේ සමස්ත ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප‍්‍රභා කරන ලෙස ඉල්ලමින් නීතීඥවරයකු අද (2) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය ක‍්‍රියාත්මක කිරීම සහ භූක්තිවිදීම යන්න වැරදියට ක‍්‍රියාවේ යෙදවීමට හා භුක්ති විඳීමට බව නීතිඥවරයා පෙන්වා දෙයි.
පාදුක්ක පාර හඳපාන්ගොඩ පදිංචි නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් අතරමැදි පෙත්සම්කරුවකු වීමට අවසර ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු සරත් ඒන් සිල්වා මහතා මෙන්ම නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය සහ කතානායක කරු ජයසුරිය මහත්වරුන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් ලෙස නම් කරනු ලැබ සිටිති.

