1980 ජුලි වැඩ වර්ජන හේතුවෙන් රැකියාව අහිමිව යාචකයකු ලෙස ජීවිතය ගැට ගසා ගත් ඞී.එම්.ඞී. සමතපාල මහතාට මුල්‍යාධාරයක් හා රෝද පුටුවක් පිරිනැමීමේ සමාජ සත්කාරයක් බොරැල්ල මංසන්ධියේදී අද දැක ගත හැකි විය.
ජූලි වර්ජකයින්ගේ ඒකාබද්ධ සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පී. අමරදිවාකර මහතා පැවැසුවේ පැවැති සෑම රජයක්ම බලයට ඒමේදී ජූලි වර්ජකයන් වන තමන්ගේ ගැටලූ ඉක්මනින් විසඳා සහනයක් දෙන බව කීවත් තවමත් කිසිදු පිළිසරණක් නොමැති ජූලි වර්ජකයන් ඕනෑ තරම් සිටින බවයි.
ශ්‍රී ලංකා මහජන සහෘද සංගමයේ සභාපති මාදම්පාගම අස්සජි හිමියෝ රෝද පුටුවද ජූලි වර්ජකයන්ගේ සංවිධානය මුදල් ද පරිත්‍යාග කළහ.
