හිඟන්නාට ඇප දුන්නත් රිමාන්ඞ්


විදේශිකයන් ඇතුළු මහජනයාට කොළඹ ගාලූ මුවදොර පිටියේදී හිරහැර වන ලෙස හැසුරුණු බව කියන යාචකයකු රුපියල් 50,000ක ශරීර ඇපමත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. එහෙත් එම්.එම්. ටිකිරි බණ්ඩා නම් වූ මේ යාචකයාට ඇප දීමට කිසිවෙක් නොවූ නිසා ඔහු රිමාන්ඞ් බාරයට පත්විය.