
(ඩබ් ඒ පියතිලක)
හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලුම නිළධාරින් පොලිසිය තුළ දින 14ක් ස්වයං නිරෝධානය කිරිමට කටයුතු කළ බව හිගුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළදාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවසයි.
හිගුරක්ගොඩ පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් 10 දෙනෙකු සහ නිලධාරිනියන් 03 දෙනෙකු නිරෝධානයට ලක් කර තිබේ.
ඉකුත් දා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා නිළධාරියෙකු හිගුරක්ගොඩ මාරසිංහවත්ත ප්‍රදේශයේ දි කොරෝනා රෝගියෙකු ලෙස තහවුරු වීම ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ හේතුව වී තිබේ.
එම ආසාදිතයාගේ බිරිදගේ ජංගම දුරකථනය නෙමැති වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සදහා ඉකුත් මස (28) දින හිගුරක්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණ පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල අනුව පොලිස් නිලධාරින් කොරෝනා අසාදිත රෝගියාගේ නිවසට සහ රෝගියා සමග සමිපව කටයුතු කර තිබේ.
එම නිසා එම අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් සියලු දෙනා දින 14ක් ස්වයං නිරෝධානය කිරිමටත් සියලු දෙනාගේ පි. සි. ආර්. පරික්ෂණ ඊයේ (18) දින සිදුකිරීමටත් කටයුතු කළ බව බව හිගුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවැසුවාය.



