හැව්ලොක්ස් වසර 30 කට පසු ලීග් රග්බි ශූරතාව දිනයි
හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව වසර 30 කට පසු දිනා ගැනීමට සමත් විය. කන්ද උඩරට ලයන්ස් පිල සහ නාවික හමුදා පිල අතර අද (19) නාවලපිටියේදී පැවැති තරගයෙන් ලකුණු 46 - 38 ක් ලෙස ලයන්ස් පිල ජය ලැබීමත් සමග තරගයක් ඉතිරිව තිබියදී හැව්ලොක්ස් පිලට ශූරතාව හිමිවිය. ශූරතාව දිනූ හැව්ලොක්ස් පිලේ නායකයා ලෙස හෙන්ද්‍රි ටෙරන්ස් කටයුතු කළේය.
හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ඊයේ (18) කොළඹදී ලකුණු 50 - 19 කින් ප‍්‍රබල මහනුවර ක‍්‍රීඩා සමාජය පරාජය කරමින් ශූරතාව ආසන්නයට පැමිණියේය. මහනුවර ක‍්‍රීඩා සමාජය පිට පිටම වසර 11 ක් ලීග් රග්බි ශූරතාව දිනා සිටි කණ්ඩායම වීම විශේෂයෙන් කැපී පෙනේ.
හැව්ලොක්ස් පිල අවසන් වරට 1981 වසරේ ඇන්ජලෝ වික‍්‍රමරත්නගේ නායකත්වයෙන් පළමු කොටසේ ශූරයන් බවට පත්ව සිටියේය.

