හැව්ලොක්ස් පිල 33 - 10 කින් පොලිස් පිල පරාජය කරයි
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලිය (2012) ආරම්භ කරමින් බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 33-10 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් විය.
ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය. පොලිස් පිලට උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.

