හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ නාවික හමුදාව පරදවා අපරාජිත වාර්තාව රැකගනිති
හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සති අන්තය යටතේ අද (22) හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේදී ලකුණු 22-20 ක් ලෙස ප‍්‍රබල නාවික හමුදා පිල පරාජය කරමින් අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් වූහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට නාවික හමුදා පිල ලකුණු 20-0 ක් ලෙස පෙරමුණේ පසු වුවද හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණීමට සමත් වූහ.

