(යොහාන් භාසුර)
නිරෝධායන ඇඳිනීතිය ඉවත්කිරීමත් සමඟ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය ඇතුළු සියලුම පළාත් කාර්යාල ලබන සඳුදා (4 වැනිදා) සිට විවෘත කරන බව ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
එසේ විවෘත කළ ද ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තව දුරටත් අත්හිටුවා ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය හැඳුනුම්පත් අංශ හරහා අයැදුම්පත් බාරගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් වියානි ගුණතිලක මහතා කීය.
හැදුනුම්පත් සකස් කර අයදුම්කරුගේ පෞද්ගලික ලිපිනයට තැපෑලෙන් යොමු කරන බව කී වියානි ගුණතිලක මහතා කලින් අයැදුම්පත් බාරදුන් අයැදුම්කරුවන්ට හදිසි අවශ්‍යතාවක් තිබේ නම් දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බව ද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් පවසයි.

