හැත්තෑ දහසකට උන් හිටි තැන් නෑ


මහ වැසි හා සැඩ සුළං නිසා දිස්ත්‍රික් 17ක පවුල් 18590ක 69659 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ අමාත්‍යංශය කියයි. මධ්‍යම කදුකරයේ බටහිර බෑයුමේ මාතලේ, මහ නුවර ද, කළුතර, ගාල්ල හා කෑගල්ලේ පදිංචිකරුවන් ද පස් කදු කඩා වැටීමේ අවධානම ගැන සෝදිසියෙන් සිටිය යුතු බවද එම මධ්‍යස්ථානය කියයි. සහන සැලසීමට රුපියල් දෙකෝටියක ප්‍රතිපාදන ඇතැයි ද අමාත්‍යංශය කියයි.