හැටන් සභාපති පක්ෂයෙන් යයි
ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. පෞද්ගලික හේතුවක් මත තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුව ද නගර සභාවේ සභාපතිධූරයේ කටයුතු කරන බව ඔහු කියයි. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් , එහි මහා ලේකම් අරුමුගම් තොණ්ඩමන් හා එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුනට තම ඉල්ලා අස්වීම ලිඛිතව දැන්වූ බව ඔහු සඳහන් කෙළේය. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති කීවේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇති බවත් හැටන් දික්ඔය නගර සභාවට වෙනත් සභාපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම්වරයා සමග සාකච්ඡා කරන බවත් ය.

