හැටන් දැරියෝ හතමුණ ළමා නිවාසයට


හැටන් පාසලක ශිෂ්‍යාවන් 6 දෙනකු ලබන 24 වැනි දා දක්වා හතමුණ බෝසත් බාළිකා ළමා නිවාසයේ රඳවා තබන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුෂ්‍යන්ත එපිටවෙල මහතා නියෝග කෙළේය. හැටන් පාසලක නේවාසිකාගාරයේ නතර වී සිටිය දී මෙම සිසුවියන් හය දෙනා අනවසරයෙන් නේවාසිකාගාරයෙන් පිට වී මින්නේරියේ  හේන්වල පාසල් මිතුරියකගේ නිවසකට පැමිණ සිටිය දී සොයාගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. මින්නේරියේ මිතුරිය දැන් එම පාසලේ ආදි ශිෂ්‍යාවක බව ද එහි නතර වූ දැරියන් අවුරුදු 15 සිට 19 දක්වා වයසේ අය බව පොලිසිය අධිකරණයට දැන්වීය.