(රංජිත් රාජපක්ෂ )
පෞද්ගලික බස් රථ මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වූ අනතුරකින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගින් 20 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල නායයාමට ලක් වු ස්ථානයේදි මෙම අනතුර සිදුව තිබේ.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු බසයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කල අය අතර කුඩා ළමුන් කිහිප දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කළේය.
තුවාකරුවන් 8 දෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර පිටව ගොස් තිබේ. තවත් තුවාලකරුවන්ගෙන් 8 දෙනෙකු වැඩි දුර ප්‍රතිකාර ලබා නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යැවු බවත් , සෙසු තුවාලකරුවන් කිහිප දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන වටවල ප්‍රාදේශිය රෝහලේ නිලධාරියෙක් පැවසීය.





