හැටන් කොළඹ මාර්ගයේ ඉරි තැලීමක්


(රංජිත් රාජපක්ෂ)


හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ඉරිතැලීමකට ලක්ව සුළු ගිලා බැසිමකට ලක් වි ඇති බව වටවල පොලිසිය කියයි.


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ එම ස්ථානයේ  අද (16)  අලුයම  මෙම තත්ත්වය ඇතිව තිබේ.


මිට වසරකට ප්‍රථම මෙම ස්ථානය ගිලා බැසිමකට ලක් වි තිබිම නිසා එය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු යළි අද අලුයම මෙම සිදුවීම වී තිබේ.


මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදි ඊයේ(15) පස් කන්දක් කඩා වැටිමෙන් අවහිර වි තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර ඇති අතර එම පස් කන්ද කඩා වැටුණු  ස්ථානය  ඊයේ(15) රාත්‍රියේ  සිට එක් මං තිරුවකට සිමා කර ඇත.


මධ්‍යම කදුකරයට තවදුරටත් අධික වර්ෂාව සහ තද සුලං පවතිනනිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත්, හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් සැලකිලිමත් ලෙස  රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.