රංජිත් රාජපක්ෂ
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශය නායයාමට සක්‍රීය වීම නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමු බව හැටන් පොලිසිය කියයි.
අද (17) උදෑසන එම මාර්ගයට පස්කඳු කිහිපයක් කඩා වැටීම නිසා එම මාර්ගය පැය දෙකක් පමණ වසා දමා යළි රථවාහන ගමනාගමනයට එක් මං තීරුවක් විවෘත කර තිබිණි.
යළිත් අද (17) පස්වරු 4 සිට එම තේවත්ත ප්‍රදේශයෙන් විශාල පිපුරුමක් ඇති වී ප්‍රධාන මාර්ගයට ඉහළින් තේ වත්තේ කොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ දැඩි අවදානමක් හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමු බව හැටන් පොලිසිය පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ද එම ස්ථානයට පැමිණ පරික්ෂා කර ඇති අතර, මාර්ගය යථා තත්ත්වයට පත්වන තෙක් විකල්ප මාර්ග වශයෙන් පැරණි කොළඹ මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.





