හැකිනම් මහින්ද අගමැති කරනු


‘එදා පැවැති රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ජිනීවා මානව හිමිකම් කොමිසමට යද්දී  දේශද්‍රෝහීන්, ජාතී ද්‍රෝහීන් ලෙසයි හැඳින්වූයේ. අද එජාප රජයට එරෙහිව රාජපක්ෂ රෙජීමයේ මන්ත්‍රීන් පිරිසක් ජිනීවා යෑම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේදැයි මා ප්‍රශ්න කරනවා.‘ යි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රශ්න කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අගමැති කළ යුතු බව කියන මන්ත්‍රීවරුන් 113ක් පාර්ලිමේන්තුවේ සිටීනම් එය ඔප්පු කර පෙන්වන ලෙස ඔවුන්ට අභියෝග කරන බව ද ඇමැතිවරයා කීවේය.

‘විපක්ෂයෙන් විශ්වාස භංගයක් ගේනවා කියනවනේ. ඔවුන්ගේ විශ්වාසය භංග වුණේ ජනවාරි අට වැනි දා. ජනවාරි අට වැනිදා රාජපක්ෂ මහත්වරුන්ගේ විශ්වාසය භංග කර ජනතාව හොඳ තීන්දුවක් දුන්නා.

DSC_0438 DSC_0446