හාලිඇල ප්‍රාදේශීය සභාව ආසන්නයේ නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගත් බව පොලීසිය කියයි. බදුල්ල පොලිසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන් හා එක්ව ගින්න නිවාදැමුවේය. ත්‍රී රෝද රියේ පැමිණි පිරිස රථය නවතා බැහැරට ගොස් සිටි බවත් බැටිරියේ සිදුවූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවත් පොලීසිය කියයි.





