හාල් රට යැවීම නවතී
මහ කන්නයේ වී අස්වැන්න නෙළාගන්නා තුරු සහල් රට යැවීම ජනපති නියමයෙන් තහනම් කරන බව වෙළඳ අමාත්‍යංශය කියයි.
ගොවීන්ගෙන් වී මිලට ගැනීමට රජය රුපියල් කෝටි 410ක් ද ගබඩා වැඩිදියුණු කිරීමට රුපියල් කෝටි 470ක් ද වැයකර ඇති බව රජය කියයි.
සහල් අපනයනය නැවැත්වීමෙන් අවශ්‍ය ප‍්‍රමාණයට සහල් රටෙහි රැඳීමත් සමග, සහල් මිල පහත බසිතියි වෙළඳ අමාත්‍යංශය අදහස් කරයි.

