හාරදහසකට රජයේ සේවයේ දොරටු ඇරේ?
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලූතින් හාරදහසක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇත.
අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත වසර අවසන් වීමට පෙර බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.

