හසිත - කවිඳි මාලදිවයිනේදී බැඞ්මින්ටන් රිදී පදක්කම දිනති
මාලදිවයිනේ මාලේ නුවරදී පැවැති ‘මාලදිවයින්’ අන්තර්ජාතික විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ මිශ‍්‍ර යුගල ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හසිත චානක සහ කවිඳි ඉෂාදිකා සමත්වුහ. එම ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාවට හිමිවිය. මිශ‍්‍ර යුගල ඉසව්වේ අවසන් තරගයේදී ඉන්දුනීසියාව හමුවේ හසිත සහ කවිඳි (21/17, 21/17) පරාජය වුහ. අවසන් පුර්ව වටයේදී රන් පදක්කම් ලාභී ඉන්දුනීසියානු ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව හමුවේ තියුණු තරගයකින් පසුව පරාජය වු ලසිත මේනක සහ නදීෂා ගයන්ති ලෝකඩ පදක්කම ලැබීය. එහිදී 21/19, 23/25, 21/15 ක් ලෙස ඉන්දුනීසියාවට ජය හිමිවිය. බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ඉදිරියෙන්ම සිටින ජපන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හමුවේ පිරිමි හා කාන්තා කේවළ, යුගල ඉසව්වලදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පරාජය ලැබුහ. තරගාවලියට චීනය, ජපානය, ඉන්දුනීසියාව, තායිලන්තය, ස්ලෝවැකියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, සත්කාරක මාලදිවයින යන රටවලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවුහ. තරගාවලියට සහභාගිවු ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 12 දෙනෙක් ඇතුළත් වුහ.

