හවුන්ස්ලෝ ජනහඬ පදනම සංවිධානය කළ තුන් කොන් ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වුබව නිවේදනය කර ඇත.
ලන්ඩන් නුවරදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය නියෝජනය කරමින් ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගීවූ තරඟාවලියක් පැවැත්වුයේ ප්‍රථම වතාවටය.
ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික, ඉන්දියා සහ පකිස්තා ජාතික ක්‍රිකට් ලෝලයින් ගෙන් සැදුම්ලත් ආධුනික ක්‍රිකට් සමාජ 19ක් මෙවර තරඟාවලියට සහභාගීවී ඇත.
මෙම තරගාවලිය සුදනම්කිරීමේ මුලික අරමුණ ඒ ඒ රටවල පිරිස් එකමුතුකිරීමත් ඒ මඟින් එම පිරිස් අතර සහයෝගීතාවයක් සහ මිත්‍රත්වයක් ගොඩනැගීමත් බව ජනහඬ කියයි.
ලන්ඩන් නුවර සැබවින්ම බහු ජාතික බහු ආගමික පරිසරයක් පෙන්නුම කරන බැවින් මෙවන් සහයෝගිතා වැඩකටයුතු තුලින් ඔවුනොවුන්ගේ සමාජීය, ආගමික සහ සුභ සාදක වැඩකටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා පුළුල් වශයෙන් සහභාගීත්වයක් මෙන්ම උදව් උපකාරද ලබාගැනීමට හැකිවන බවද ඔවුන් පවසති.
හවුන්ස්ලෝ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සීමා මල්හෝත්‍රා, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ එච්.එම.කේ.හේරත්, හවුන්ස්ලෝ නගරාධිපති සචින් ගුප්තා, පළාත් සභා මන්ත්‍රී ජග්දීෂ් ශර්මා, ගෝපාල් දිලාන්,ප්රිතම් ග්රේවාල් සහ ජෝන් චාර්ට් මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවුහ.
ජනහඬ පදනමේ අනුශාසිකා සුර්යා සමරවීර සහ කනෙක්ස් කනකතුරි ද එදින අරාධිතයින් අතර වුහ.
මෙම තරගය සංවිධානය කිරීමේ අනුග්‍රාහකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගමයි.