(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිම පිණිස හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලට අද (23) දහවල් රෝගියකු රැගෙන ආ පිරිසක් හා රෝහලේ වෛද්‍යවරයකු අතර හට ගැනිමට ගිය ආරාවුලක් සමතයට පත් කළ බව හලාවත පොලිසිය කියයි.
බාහිර රෝගින්ගේ අංශය වෙත මෙම පිරිස රෝගියා රැගෙන ආ අතර පැමිණි අවස්ථාවේ දි ඒ වන විටත් ක‍්‍රියාත්මකව පැවැති වෛද්‍ය වැඩවර්ජනය නිසා තම රෝගියාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිමට නොහැකි විම නිසා කෝපයට පත් රෝගියා සමඟ පැමිණි පිරිසක් ඒ වන විටත් බාහිර රෝගි අංශයේ රැදි සිටි වෛද්‍යවරයකු සමඟ ආරාවුලක් ඇති කර ගෙන තිබේ.

