හලාවත පාරක පොල්පැල


හලාවත සිට තොඩුවාව හරහා මහවැව දක්වා වන  කිලෝ මීටර් 16 ක් පමණ වන මාර්ගය පිළිසකර කරන බවට දුන් පොරොන්දු මෙතෙක් වගකිව යුත්තන් ඉටු කර නොමැති බවට චෝදනා කරමින් එම මාර්ගයේ කෙසෙල් සහ පොල් පැල සිටවමින් ප්‍රදේශවාසීන් අද (24) විරෝධතාවයක නිරත විය.

ප්‍රතිසංස්කරණය කරන බවට තමන්ට විටින් විට දේශපාලගයින් පොරෙන්දු දී ඇතත් ඒ පොරොන්දු එකක් වත් මේ වන තුරු ඉටු වී නොමැති බව ඔවුන් කියති.