(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල, ගිනිගත්ගල, කිරිමැටිය ප්‍රදේශවලට අද (23) පස්වරු 2.30ට පෙර පමණ අයිස් වැස්සක් පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති.
දැඩි සුළඟක් සමඟ මහ වර්ෂාවක් ඇද හැලුණු අතර පැය භාගයක පමණ කාලයක් අයිස් වැස්සක් ඇද හැලුණු බව ගිනිගත්ගල එම්.බී. මාරසිංහ මහතා කීය.
මාසයකට අධික කාලයක් පැවති නියඟය හමාර කරමින් මරංගහවෙල, හාල්අටුතැන්න බෙරගල යන ප්‍රදේශවලට ද පැයකට අධික කාලයක් දැඩි සුළං සමඟ වර්ෂාව ඇද හැලුණු බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.