හරක් ලොරියට පොලීසියෙන් වෙඩි


හරකුන් පටවාගෙන වීරකැටියේ සිට ආ ලොරියක් ගාල්ල කලේගානේ පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවන කිරීම නිසා වෙඩි තබා නතර කළ බව පොලීසිය කියයි. හරකුන් ගෙන ආ දෙදෙනා පැන ගිය අතර අඩි හයේ ලොරියේ පටවා සිටි ගවයන් දහ දෙනාගෙන් තිදෙනකු මැරී සිටි බවත් ඊට හේතුව වෙඩි වැදීම නොවන බවත් පොලීසිය කියයි.