(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පුද්ගලයෙකු මරා දමා තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් වරදකරුවන් කළ පුද්ගලයින් හයදනෙකුට ලබා දී තිබූ මරණ දඩුවම් සහ සිර දඩුවම් දෙවැනි වරටත් අනුමත කළ අභියාචනාධිකරණය ඔවුන් ගොනු කර තිබූ අභියාචන පෙත්සම් ඉවත දැමීමටද නියෝග කරන ලැබ ඇත.
අභියාචනාධිකරණ මෙසේ නියෝග කළේ විත්තිකරුවන්‌ෙග් අභියාචන පෙත්සම් දෙවැනි වරටත් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම අභියාචන පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ ෆයිසර් මොහොමඩ් , මොහොමඩ් මන්සූර් මොහොමඩ් රම්මාස් , මොහොමඩ් හරීස් , මොහොමඩ් රිස්වාන් , මොහොමඩ් සාලි මොහොමඩ් (මියගිය) , මොහොමඩ් නියාර් හුසේන් , මොහොමඩ් ඉක්‍රාත් නැමැති චූදිතයින් විසිනි.
මෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබිණි..
අභියාචනාධිකරණ විනිසුරු පී.කුමාරරත්නම් මහතාගේ එකගත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ මෙසේද සදහන් වේ.
'' මෙම පෙත්සම්කාර චූදිතයින් හත්දෙනාට එරෙහිව දණ්ඩ නීතී සංග්‍රහයේ 146 , 296 , 32 සහ 300 දරණ වගන්ති යටතේ 2003 නොවැම්බර් 16 වැනි දින , නීතීවිරෝධී ජනරාශියකට සහභාගී වෙමින් මොහොමඩ් රශ්මි නැමැත්තා මරා දැමීම සහ අබු සාලි මොහොමඩ් නැමැත්තාට මරණීය තුවාල සිදුකීරම යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූහ.
මෙම නඩුව විභාග වන අතර තුර පස්වැනි විත්තිකරු මරණයට පත් විය.නඩු විභාගයෙන් පසුව පස්වැනි විත්තිකරුට හැර ඉතිරි සියලු විත්තිකරුවන් හය දෙනාම මිනීමැරීමේ චෝදනාවට සහ මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කළ මහාධිකරණය ඔවුනට මරණ දඩුවම සහ බරපතල වැඩ සහිතව මාස 18 ක් බැගින් සිර දඩුවම්ද නියම කළේය.
මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකරුවන් විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කෙරිණි.
අභියාචනාධිකරණය මෙම පෙත්සම් විභාගයට ගැනීමෙන් පසුව මහාධිකරණ දඩුවම තහවුරු කරමින් ඇපෑල නිෂ්ප්‍රභ කළේය.එම තීන්දුව නිසා අගතියට පත් විත්තිකරුවන් හය දෙනා අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයටද අභියාචනා පෙත්සම් ගොනු කළහ.
එම අභියාචනා පෙත්සම් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණ තීන්දුව ඉවත දමා යළිත් පෙත්සම විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කෙරිණි.
මෙලෙස එම අභියාචන පෙත්සම් විභාගයට ගත් අභියාචනාධිකරණය මහාධිකරණ විනිසුරුවරයා නිවැරදිව සාක්ෂි විමර්ශනය කර නිවැරදි තීන්දු හා තීරණ වලට එලැඹ ඇතැයි තීරණය කළේය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව අනුමත කරන බවද , චූදිතියින් ගොනු කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභා කරන බවද තීන්දුවේ සදහන් වේ.
1 සහ 6 විත්තිකරුවන් නීතීඥ අනුෂ්කා රණසිංහ මහත්මිය සමග ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියේය.
සෙසු විත්තකරුවන් වෙනුවෙන් නීතීඥ කීර්ති ගුණවර්ධන මහතා සමග ජනාධිපති නීතීඥ නලින් ලද්දූවහෙට්ටි මහතා පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පෙනී සිටියේය.

