හමුදාවට බයේ ගිහින් ලන්ඩනයේදී මැරුම් කයි
ශ්රී ලංකාවේ හමුදාවෙන් හිරි හැර වෙතියි කියමින් යුරෝපයට සංක්රමණය වූ පොන්නතුරේ නිමලරාජන් (41) එංගලන්තයේ ලිස්ටර්හි නැගෙනහිර මිඞ්ලන්ඞ්හිදී ගැටවරයන් පිරිසකගේ පහරදීමෙන් හිසට වූ බරපතල තුවාලවලින් මිය ගිය බව ලන්ඩන් පොලිසිය කියයි.
ජුනි 9 වැනිදා සිදුවූ මේ ගැටුම සම්බන්ධයෙන් වයස අවුරුදු 13-15 කොල්ලෝ සිවුදෙනකුද වයස අවුරුදු 14ක කෙල්ලකද සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරිනු ලැබූහ.
1993 ජර්මනියේ සරණාගතයකු වූ පසුව ලන්ඩන් ආ තම සැමියා මරා දැමීම නිසා දරු දෙන්නාත් තමාත් අසරණ වී යැයි මතනිකා නිමලරාජන් මහත්මිය කියන්නීය.

