(රංජන් කස්තුරි)
දුම්රිය එන්ජින් රියදුරු පුහුණුව හමුදා සාමාජිකයන්ට ලබාදීමට ආණ්ඩුව සුදානම් වෙමින් තිබෙන බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.
අසාධාරණ වැඩවර්ජන නිසා ජනතාවට සිදුවන අපහසුතා මගහැරීමේ අරමුණින් එවැන්නක් සිදු කිරීමට අවශ්‍යව ඇතැයි එහිදී රාජිත සේනාරත්න මහතා කීවේය.
මීට ඉහත 1960 සහ 1970 යන කාලවලදී වාරාය,ලංගම ආදී අයතනවල වැඩවර්ජන සිදුවු අවස්ථාවලදී ඒවාට හමුදාව මැදිහත් වූ බවද ඔහු පැවැසීය.