හම්බන්තොට යන්නේ වාර්ෂික ගිවිසුමට අස්සන් කරලයි - මහේල


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක වාර්ෂික ගිවිසුම පිළිබඳව ඇති වී තිබූ ගැටලූසහගත තත්ත්වය අවසන් වූ බවත් එක්දින තරගාවලියට හම්බන්තොට යෑමට පෙර හෙට (19) පෙරවරුවේ ගිවිසුමට අස්සන් කරන බවත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවසීය. ‘‘ඒ පිළිබඳව සාකච්ඡා කර අපිට හොඳ විසදුමක් ලැබුණා, ඒ නිසා ක‍්‍රීඩකයන් සියලූ දෙනාම සතුයින් ඉන්නවා. ප‍්‍රශ්නයක් කිව්වට පේන තරම් ලොකු ප‍්‍රශ්නයක් තිබුණෙන් නෑ වගේ. හෙට හම්බන්තොට යන්න පෙර වාර්ෂික ගිවිසුමට අස්සන් කරනවා. ඊට පස්සේ එස්.එල්.පී.එල්. ගැන කථාව පටන් ගන්නවා’’ යැයි මහේල වැඩි දුරටත් පැවසීය.