( සනත් ගමගේ)
හම්බන්තොට දී අද(6) පැවැත්වීමට නියමිත විරෝධතාවය හේතුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සූදානම් කර ඇත.
හම්බන්තොට මූලස්ථාන පොලිසියට රැස්වූ තංගල්ල කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීහු රාජකාරි සඳහා ස්ථානගත කර ඇති අතර හම්බන්තොට මාගම්පුර වරාය, හම්බන්තොට ෂැංග්‍රල්ලා හංදිය, කටුවැව හංදිය අසල පොලිසිය රැකවල්ලා සිටී.
හම්බන්තොට වෙරළ උද්‍යානයේ දී විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන අතර ඒ සඳහාද විරෝධතාකරුවෝ පැමිණෙමින් සිටිති.



