හම්බන්තොට-කොළඹ අධිවේගයේ සුඛෝපභෝගී බස් සේවාව හෙට සිට


(මහින්ද නිශ්ශංක)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට-කොළඹ කොටසෙහි, ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී බස් සේවා හෙට(25) සිට ආරම්භ වේ.

මෙයට අමතරව තංගල්ල- කොළඹ සහ අම්බලන්තොට-කොළඹ අතරද හෙට සිට අධි සුඛෝපභෝගී බස් රථ සේවා ආරම්භ කිරීමට නියමිතය.

හම්බන්තොට-කොළඹ අධි සුඛෝපභෝගී බස් සේවා ආරම්භ කිරීමේ උත්සවය ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 8.30ට හම්බන්තොට බස් නැවතුමේදී පැවැත්වේ.