හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස්


(සනත් ගමගේ)

මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසිය මේ වනවිට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී.

හම්බන්තොට පිහිටි ඉන්දියා කොන්සල් කාර්යාලය අසලදී උද්ඝෝෂකයෝ පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසෙද්දී පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේය. පසුව විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කෙරිණි.