හබරාදුව සභාපති අනුන්ගේ පව්වලට කරගහයි


පඬිවරයකු, ගත් කතුවරයකු, උගතකු, දේශපේ‍්‍රමියකු හා හෙළ හවුලේ ප‍්‍රධානයකු වූ අරිසෙන් අහුබුදුවන්ගෙන් ඔහු උපන් කොග්ගල ගමට වැඩක් නොවී යැයි හබරාදුව ප‍්‍රාදේශීය සභා උප සභාපති බන්දුපාල අබේකෝන් මීට කලින් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් එහි සභාපති දිල්ෂාන් විදානගම මහතා අහුබුදු පදනමෙන් හා රටවැසියන්ගෙන් සමාව ගත්තේය. පොල් කඩන මිනිහකුගෙන් තරම් වූ සේවයක් අහුබුදුවන්ගෙන් නොවූ බව ඇත්තක් බවත් එහෙයින් සමාව ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් සමාව ඉල්ලීමේ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කරමින් උප සභාපති කීවේය. උප සභාපති කලින් කළ ප‍්‍රකාශයට සභාපතිගේ කිසිම සම්බන්ධයක් නැතත් ඔහු සමාව ගත්තේය. උප සභාපති ගේ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් සභාව අහුබුදු පවුලෙන් සමාව ඉල්ලා  සිටිය යුතුයැයි යෝජනාව ඉදිරිපත් කෙළේ විපක්‍ෂනායක ලයනල් ඉපිලවත්ත මහතාය.