හඳපාන්ගොඩ උද්ඝෝෂණයක්


ඉංගිරියේදී  ජනවාරි පළවෙනිදා  මරා දැමූ විදුලි සංදේශ පරීක්ෂකගේ දේහය කනත්තට රැගෙන යද්දී මිය ගිය පුද්ගලයාගේ නෑයෙකු සැකකරුවෙකුට දුරකතන ඇමතුමක් දිමෙන් පසු  ඔවුන් නිදැල්ලේ හැසිරෙන්නේ යැයි කෑ කෝ ගසන්නට වූහ.

ඝාතකයන් ඇල්ලීමට  පොලිසිය උනන්දුවක් නොදක්වතියි දේහය කීරගල සූසනායට රැගෙන යන ගමන් හඳපාන්ගොඩදී ගැමියෝ උද්ඝෝෂණය කලහ.

මින් මද වේලාවකට පෙර එහි පැමිණි   ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා පොරොන්දු වූයේ  දින පහක් ඇතුලත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවයි.