හඳ මාමා පැටවුනට පැරීසියෙන් අත හිත


ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව  ප්‍රචාරය කරන "හඳ  මාමා" ළමා වැඩසටහනට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ ස්වර්ණ ජයන්තිය  දීප ව්‍යාප්ත ළමා කතා තරඟයේ ජයග්‍රාහකයන් දෙදෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමා ඇත.

 ප්‍රථම ස්ථානය හිමිකරගත් පයාගල අමිදු සන්චන මුතුකුඩආරච්චි ශිෂ්‍යයා වෙත  ප්‍රංසයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියෝ ද දෙවැනි ස්ථානය හිමිකරගත් වටපුළුවේ ඒ.ආර්.එම්. සෙමිනී ආශිංසනා ශිෂ්‍යාව  පැරීසියේ බෞද්ධ විහාරාධිපති කෝ.ආනන්ද හිමියෝ ද ශිෂ්‍යත්ව පිරිනැමූහ.. 

වසර 50ක් පුරා හඳ මාමා වැඩසටහන ඉදිරිපත් කළ සුමනා ජයතිලක මහත්මියගේ මෙහෙයවීම යටතේ සිදුකළ මෙම ස්වර්ණ ජයන්ති උත්සවය ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පවතී අතර මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමි පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමියෝ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුවාටත් අත්තනගල්ලේ වජිරඥාන හිමියෝ දෙවෙනි ස්ථානය දිනාගත් සිසුවියටත් රුපියල් එක්ලක්ෂ විසිදහස බැගින් වටිනා ශිෂ්‍යත්ව පිරිනමුහ.

මසකට රුපියල් දෙදහස බැගින් වසර පහක් එම දරුවන්ගේ ඉගනීමේ කටයුතු වලට මෙම මුදල් හිමිවෙයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ  මහත්වරු ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.