හන්තානේ ගිය සිසුහු බේරා ගැනෙති
සෙනසුරාදා හන්තාන කන්ද නැරඹීමට ගිය සරසවි සිසුන් 450 දෙනා අද අලුයම වන විට ආරක්ෂා සහිතව මහ නුවරට රැගෙන ඒමට පොලීසිය සහ හමුදාව සමත් විය.
දැඩි මීදුම හා වැස්ස නිසා ඔවුහු මග සොයා ගැනීමට නොහැකි වීමෙන් අතරමං වූහ.
ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය සහ යාපනය සරසවි සිසුහු චාරිකාවකට හන්තානට ආහ.
අධික සීතලට ලක් වූ සිසුන් 180 දෙනකු පේරාදෙණිය හා මහනුවර රෝහල්වලට ඇතුළු කළ බවත්, 30 දෙනෙකු හැර සෙසු අය රෝහලෙන් පිටවී ගිය බවත් රෝහල් ආරංචි කියයි.

