හදිසි නීති යෝජනාව සලකා බැලීමට අද


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අත්‍යවශ්‍ය සේවා සඳහා පැනවුණු හදිසි නීති රෙගුලාසි අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ 10.00ට රැස්වෙයි.

හදිසි නීති රෙගුලාසි යෝජනාව පිළිබඳ විවාදය උදේ 10:30 ට ඇරඹෙන අතර එය පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිතය.

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පස්වරු 4:30 ට පැවැත්වේ.

මේ අතර මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් ප්‍රකාශ කර ඇත.