හදවත් ලෙඩාගෙ සල්ලිත් වංචා කරයි
හදවත් සැත්කමකට ආධාර ඉල්ලා පුවත්පතක පළ වූ දැන්වීමක් ඔස්සේ පොල්පිතිගම කුඩුකුලාවේ එම් ජී පීරිස්හාමි මහතා සොයා ගිය පුද්ගලයකු ඔහුගේ රපියල් විසි පන්දහසක් වංචා කළැයි පොල්පිති ගම පොලීසියට පැමිණිලි කර ඇත.
එතර පිහිටි තම සමාගමෙන් ඔහුගේ සැත්කමට රුපියල් ලක්ෂ දෙකහමාරක් දෙන බව පවසා ලියාපදිංචි ගාස්තු වශයෙන් එම මුදල අවස්ථා තුනකදී ලබාගෙන ඇත.
මෙවැනි දේ ගැන කල්තියා දන්වන්නේ නම් මහජනතාව මෙවැනි වංචාවන්ට අසුනොවන බව පොලීසිය කියයි.

