හතක් රිමාන්ඩ්
රුපියල් ලක්ෂ 320ක් ගෙන 113 දෙනකු මුහුදු මගින් ඕස්ට්‍රේලියා රැගෙන යන්නට හැදූ බව කියන හත් දෙනකු ලබන හයවැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එම 113 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදාහරින්නැයි නියෝග කෙළේය. මෙම සැකකරුවන්ගේ නෑදැයන් 400ක් පමණ උසාවියේ රැඳී සිටීම නිසා එහි තදබදයක් ඇතිවිය.

