හතක් නිදහස් තව පිරිසක් ඇතුළේ


තමිල්නාඩුවේ විශේෂ සිර කඳවුරු දෙකක රඳවාගෙන සිටි ලාංකික සරණාගතයින් හත්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. කොටි ත‍්‍රස්ත කි‍්‍රයාවලට හවුල්වී ඇතැයි  සැකපිට මොවුන් හත්දෙනා චෙන්ගල්පේට් සහ පුනමලි යන කඳවුරුවල වසරකට  වැඩි කාලයක් සිටියහ. ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් වලට හවුල් යැයි සැකපිට තවත් ලාංකිකයෝ හතළිස් දෙදෙනෙක් එම කඳවුරුවල සිටිති.