(බිඟුන් මේනක ගමගේ)
දුරකථන සංවාද පටිගත කර විවිධ අරමුණු සඳහා භාවිත කිරීම අපරාධයක් යැයි ද එය ජනමාධ්‍යටත් එසේම අදාළ යැයි ද තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(12) පැවසීය.
ජනසන්නිවේදන විෂයට අදාළව මෙම සිදුවීමේ නීතිමය ස්වභාවය ගැන විදුලි සංදේශ නියාමන කොමිසම මහජනතාව දැනුවත් කළ යුතු යැයි ද අමාත්‍ය ගුණවර්ධන මහතා අවධාරණය කර කීය.
රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් පොලිස් බාරයට ගත්තේ යැයි කියන හඬ පට කිසිවක් වෙනත් පාර්ශවයක් අතට පත්ව නැති බවට සහතික වන්නේ යැයි කී හෙතෙම පොලිසියට බාර දුන් හඬපටවලට අතිරේකව කුමන හෝ පාර්ශ්ව විසින් මුදා හළ හඬ පට රාශියක් සමාජ මාධ්‍ය හා විවිධ පාර්ශව සතුව පවතින්නේ යැයි කීවේය.
වෙනත් පාර්ශ්ව පෞද්ගලිකව තමා සමඟ අදහස් හුවමාරු කරගැනීමේදී ඒවා දැනුම්දීමකින් තොරව මෙලෙසින් පටිගත කර තබාගැනීම නීතියේ හැටියට වරදක් යැයි ජනසන්නිවේදන ඇමැතිවරයා හැටියට තමා විශ්වාස කරන්නේ යැයි ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීය.
හඬ පට සම්බන්ධයෙන් රජයට නිල ස්ථාවරයක් දැරීම පවා අපහසු වී ඇතැයි ද ආණ්ඩුවකට එවැනි අත්දැකීමක් ලැබුණේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට වීම ඊට හේතුව යැයි ද ගුණවර්ධන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

